එය ලබන්නේ කෙසේද ?
ජපානය හා බැඳුනු, වාහන වෙළදාම ඉතා ලාභ ලබන ව්‍යාපාරයක් වන අතර ජපානය සමග වාහන වෙළදාමෙන් සාර්ථක වූ මිනිසුන් ගැන කතා අපිද ඕනෑ තරම් අසා තිබෙනවා . මේ නිසාම ජපානයට එන ඕනෑම විදේශික තරුණයෙකුට,තරුණියකට වාහන වෙළදාම පිලිබඳ කැමැත්තක් ඇතිවීම අරුමයක් නොවෙයි . විදේශිකයෙක් විදියට ඔබට මේ සඳහා කැමැත්ත සහ මුදල් තිබුන පමණින්ම වාහන වෙළඳාමට අවතීර්ණ වෙන්න නොහැකියි .ඒ සඳහා ප්‍රමාණවත් විෂය දැනුම , භාෂා දැනුමක් වගේම, ක්ෂේත්‍රයේ සම්බන්ධතා වගේම ඇතැම් බලපත් හා ලියාපදිංචි වැනි සාධක කිහිපයක්ම සපුරන්න වෙනවා .Kobutsusho එක කියල කියන්නෙත් මේ සපුරාගත යුතු වැදගත් හා තීරණාත්මක සාධක වලින් එකක් .
අද ලිපියෙන් අපි ඔබට විස්තර කරන්නේ ජපානයේ වාහන වෙන්දේසිය,එහෙමත් නැත්නම් auction එකක සාමාජිකත්වය ගන්න අත්‍යවශ්‍ය වන kobutsusho එක ගැනයි .
ජපානයේ වාහන වෙළඳාම ප්‍රධාන කොටස් දෙකකි.
1. Brand new vehicles
2.Used vehicles නැතහොත් Re-conditioned Vehicles
බ්‍රෑන්ඩ් නෙව් වාහන වල වෙළඳ ඒකාධිකාරිය ගෙනයන්නේ ජපානයේ ප්‍රධාන වාහන නිශ්පාදන සමාගම් වන Toyota,Nissan,Mitsubishi වැනි සමාගම් විසින්මයි. එසේ නමුත් ජපානයේ used වාහන වෙළදාමට ඉහත කී ප්‍රධාන සමාගම් වලින් ලොකු බලපෑමක් නැහැ .මේ නිසාම Used vehicle වෙළඳාමද දේශීය හා විදේශීය වෙළඳ ප්‍රජාවක් අතින් සාර්ථකව කෙරීගෙන යනවා .
මේ used vehicle වෙලන්දාමේදී වාහන auction එකක membership එකක් ගැනීම ඉතා වැදගත්. මේ සඳහා ඔබට කොබුට්සුස්හෝ නම් බලපත අත්‍යාවශය වෙනවා.
මොකද්ද මේ කොබුට්ට්සුෂෝ එක?
කොබුට්සු කියන වචනයේ සිංහල තේරුම “පරණ බඩු ” කියන එකයි . Sho කියන්නේ බලපත/සහතිකය වැනි අදහසක් (menkyoushou -රියදුරු බලපත / hokeinsho – රක්ෂණ සහතිකය ). මේ ආකාරයට බැලූ විට kobutususho යන වචනය සිංහලට හැරෙව්වහම එන අදහස “පරණබඩු බලපත්‍රය “වගේ අදහසක් .
හරියටම කියනවනම් ,කොබුට්සු ෂෝ කියන එකේ තේරුම , secondhand බඩු වෙළදාම සඳහා රජයෙන් නිකුත් කරන බලපත්‍රය කියන එකයි.
ජපානයේ නීතියට අනුව පරණ බඩු /පාවිච්චී කරන ලද බඩු යටතට ගැනෙන්නේ මොනවාද ?
ජපානයේ වෙළඳ නීතියට අනුව පරණ බඩු /පාවිච්චී කරන ලද බඩු , කරුණු 3ක් යටතේ අර්ථ දක්වයි .
1.එක් වරක් හෝ පාවිච්චි කල භාණ්ඩයක් .
2.පාවිච්චි නොකළ නමුත් පාවිච්චි කිරීම සඳහා විකිණීමට ලක්වී ඇති භාණ්ඩයක් .
3.විකිනීමකට හෝ පාවිච්චි කිරීමකට ලක්නොවූ මුත් පිරිසිදු කිරීමක් හෝ අලුත් වැඩියාවක් අවශ්‍ය වන භාණ්ඩයක් .(උදාහරණ :වෙළඳසැල තුලදී පරණ වූ /අවපැහැ ගැන්වුණු / හානි වුනු වැනි )
ජපානයේ වෙළඳ නීතියට අනුව මෙම නීතිය බලපාන වෙළඳ භාණ්ඩ වර්ග 13කි .
1.කලාත්මක භාණ්ඩ (චිත්‍ර/මූර්ති /කැටයම් වැනි )
2.ඇඳුම් සහ රෙදිපිළි
3.ඔරලෝසු වර්ග හා අභරණ
4.මෝටර් වාහන
5.යතුරු පැදි
6.පාපැදි
7.චායාරූප ක්ෂේත්‍රයේ උපකරණ (කැමරා / ප්‍රින්ටර් වැනි )
8.කාර්යාලීය උපකරණ
9. යන්ත්‍ර සූත්‍ර වර්ග
10 . විවිද රැකියා සඳහා භාවිතා කරන ආයුධ වර්ග (අඬු /නියන් / කියත් වැනි)
11. හම් හා රබර් නිෂ්පාදන
12. පොත් හා සඟරා වර්ග
13. මුදල් වව්චර
ජපානයේ වෙළඳ නීතියට අනුව ඉහත ලයිස්තුවේ වපසරියට ඇතුළුවන ඕනෑම පාවිච්චි කරන ලද භාණ්ඩයක් විකිණීමට ,වෙළඳ අරමුණකින් මිලදීගැනීමට ,වෙළඳ අරමුණකින් හුවමාරු කිරීමට kobuthsu ෂෝ එක අත්‍යාවශය වේ .
එමෙන්ම ,පාවිච්චි කරන ලද භාණ්ඩයකට අදාලව ජපානය තුලදී ජංගමව සිදුකරන වෙළදාමක් (විකිණීම/මිලදී ගැනීම), නිශ්චිත ස්ථානයකදී සිදුකරන වෙළඳාමක් (recyle shop වැනි ), හෝ අන්තර්ජාලය හරහා සිදුකරන වෙළදාමක් යන අවස්ථා 3දීම මෙම බලපත ලබා සිටීම අත්‍යාවශය වේ .
ජපානයේ වෙළඳ නීතියට අනුව ඉහත ලයිස්තුවේ වපසරියට ඇතුළුවන ඕනෑම භාණ්ඩයක් විකිණීමට ,වෙළඳ අරමුණකින් මිලදීගැනීමට ,වෙළඳ අරමුණකින් හුවමාරු කිරීමට kobuthsu ෂෝ එක අත්‍යාවශය වේ .
එමෙන්ම ,පාවිච්චි කරන ලද භාණ්ඩයකට අදාලව ජපානය තුලදී ජංගමව සිදුකරන වෙළදාමක් (විකිණීම/මිලදී ගැනීම), නිශ්චිත ස්ථානයකදී සිදුකරන වෙළඳාමක් (recyle shop වැනි ), හෝ අන්තර්ජාලය හරහා සිදුකරන වෙළදාමක් යන අවස්ථා 3දීම මෙම බලපත ලබා සිටීම අත්‍යාවශය වේ .
සැ . යු. : ඉහත කරුණු අදාල වනුයේ ව්‍යාපාරික මුහුණුවරකින් සිදුකරන ගණුදෙනු සඳහා පමණි . තමාගේ පාවිච්චි කරන ලද වහනයක් මිතුරකුට හෝ අන්තර්ජාල වෙන්දේසියක විකිණීම වැනි අවස්ථා මීට අදාල නොවේ.
කෙසේ නමුත් ඔබ වාහන වෙන්දේසියක (වෙහි ) සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තුවන්නේ නම් ඔබට මෙම බලපත අත්‍යාවශය වේ .
මෙම ලිපියේ ඊළඟ කොටසින් මේ සඳහා මෙම බලපත ලබාගන්නා ආකාරය , අවශ්‍ය සුදුසුකම් , ගාස්තු , ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය ලිපිලේඛණ යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු .
එම ඊළඟ කොටස අන්තර්ජාලයට මුදාහැරි විගස අපගේ Facebook fan page එක හරහා ඔබ දැනුවත් කරන්නෙමු .එබැවින් ඔබ දැනටමත් අපගේ Facebook fan කෙනෙකු නොවේනම් කරුණාකර Facebook වෙබ් අඩවියේ JPN Visa Network පිටුවට ගොස් like කිරීමට අමතක නොකරන්න .